බොලිවුඩයේ සරාගිම නිළි මල්ලිකා ෂෙරාවත් සමඟ තමන්ව සංන්සන්දනය කරනවාට බය වුණ ලංකාවේ ජැක්ලීන්

0

ශ්‍රී ලාංකික නාමය බොලිවුඩ් දක්වා අරන් ගිය ජැක්ලීන් ෆර්නැන්ඩස් මේ වන විට Aladin, Murder 2, Race 2, House full 2 වැනි බොලිවුඩයේ අතිශය ජනප්‍රිය චිත්‍රපට ගණනාවකට දායකත්වය ලබා දී තිබෙනවා.

ඒතාක් දුර්වල චරිත කරමින් සිටි ඇගේ වෘත්තීය ජීවිතයට නව පිබිදීමක් ගෙනාවේ “Murder 2” චිත්‍රපටයෙන්. “Murder” පළමු චිත්‍රපටයේ මල්ලිකා ෂෙරාවත් වෙනුවට දෙවැනි චිත්‍රපටයට ජැක්ලීන්ට පැමිණීමට සිදුවීමම අභියෝගයක් ලෙසයි සැලකුණේ. ෂෙරාවත් බොලිවුඩයේ කැපී පෙනෙන දක්ෂ නිළියක් වගේම ඇය බොලිවුඩ් සිනමාවේ වර්ගීකරණය වුණේ ලිංගිකත්වයේ නැත්නම් සරාගී සංකේතයක් හැටියට. මේ නිසාම බොහෝ දෙනෙක් ඇයව මල්ලිකා ෂෙරාවත් සමඟ සංසන්දනය කරන්න පටන් ගත්‍තා.

ඒ සංසන්දනය ජැකලින්ට තරමක් කරදරයක් වුණ බවයි පැවසෙන්නේ. ඒකට හේතුව “Sex Symbol” එකක් හෝ “Sex Bomb” එකක් ලෙස මතුවීමට ජැකලින්ට තිබුණු අකමැත්තයි. චිත්‍රපට දෙක එකිනෙකට වෙනස් කතා මාලා ඇති බවත් ඒවා සමාන නොකළ යුතු බවත් ඇය පුන පුනා පැවසුවා.

එකල පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජැකලීන් ෆර්නැන්ඩස් මෙම සංසන්දනය පිළිබඳව තම අපහසුතාවය ප්‍රකාශ කළා. එය කිසිසේත්ම මල්ලිකා සමඟ තිබුණු පෞද්ගලික අමනාපයක් නොවන බව ද සඳහන් කළ යුතුමයි. “Murder 2” හි ඇගේ භූමිකාව මුල් චිත්‍රපටයේ මල්ලිකා ෂෙරාවත් සමඟ සම්බන්ධ කිරීම අසාධාරණ බව පමණයි ජැකලින් කිව්වෙ.

ඇය නිතර මල්ලිකා ගේ නිර්භීත බව සහ අව්‍යාජ බව අගය කළා. නමුත් මල්ලිකා වෙනුවට “ලිංගික සංකේතයක්” හෝ කර්මාන්තයේ මීළඟ සරාගී නිළියක් ලෙස ආදේශ වීමට ඇයට උවමනා වුණේ නැහැ. ඊට වඩා ඇයගේ භූමිකාවන් තුළ ඇයගේ බහුවිධ හැකියාවන් පෙන්වීමටයි ඇයට ඕන වුණේ. මිනිසුන් “Murder 2″හි ඇගේ අඩ නිරුවත් ජවනිකා ගැන කතා කරන විට එම චිත්‍රපටයේ ඇගේ චරිතයේ අනෙක් හැගීම් ගැන කතා කරන්න යැයි ඇය ඉල්ලා සිටියා.

ජැකලීන් ෆර්නැන්ඩස් 2009 දී බොලිවුඩයට පිවිසියේ රිටේෂ් දේශ්මුක් සමඟින් රඟපෑ “Aladin” චිත්‍රපටියෙන්. නමුත් චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි එතරම් සාර්ථක නොවූවත් බොක්ස් ඔෆිස් වාර්තා අතරට ඇයව ඔසවා තැබූ චිත්‍රපටය වුණෙත් “Murder 2” චිත්‍රපටයයි.