වසර 25 කට පසු Kuch Kuch Hota Hai අංජලීට පණ දුන්නු කාජල්

0

90 දශකයේ බොලිවුඩ් සිනමාවේ ජනප්‍රියම චිත්‍රපට අතර ඉහළින්ම රැදුණු Kuch Kuch Hota Hai චිත්‍රපටයේ 25 වන සංවත්සරය නිමිත්තෙන්, චිත්‍රපටයේ ප්‍රධාන නිළි Kajol චිත්‍රපටයේ ඇගේ චරිතය වන අංජලීට නැවත පණ ලබා දුන්නා.

1998 තිරගත වූ Kuch Kuch Hota Hai චිත්‍රපටයේ ෂාරුක් ඛාන් සහ රාණි මුකර්ජි සමඟ කාජල් නිරූපනය කළේ දඟකාර අංජලීගේ චරිතයයි. චිත්‍රපටය තිරගත වීමත් සමඟ ඔවුන් තිදෙනාම ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයක් දිනා ගනු ලැබුවා.

කරන් ජොහාර් අධ්‍යක්ෂකවරයෙකු ලෙස ප්‍රථම වතාවට බොලිවුඩයට පැමිණියේ ද මෙම චිත්‍රපටයෙනි.

ඳඟකාර කොල්ලෙකු ලෙස අඳින පළඳින සිතන අංජලී යන චරිතය නිරූපනය කළ කාජල් වසර 25 කට පසු, විශේෂ දිනය සනිටුහන් කිරීම සඳහා ඒ ආකාරයෙන්ම සැරසී Instagram වෙත ඡායාරූප හා වීඩියෝපට එක් කර තිබුණා.

ඇය එයට සටහනක් ද මෙසේ එක් කර තිබුණා “වසර 25 කට පසු අංජලීගේ සපත්තුවට නැවත පැමිණීමට හැකි වුණත් (පැසිපන්දුව සොයා ගැනීමට නොහැකි වුණත් ) මෙම චිත්‍රපටයට බොහෝ මතකයන් සහ ආදරය සම්බන්ධ වී තිබෙනවා. හැමෝම ආදරය කිරීම ගැන සතුටුයි මා එයට ආදරේ තරමටම.

එය@karanjohar සඳහා පළමු සහ @dharmamovies සඳහා විස්මිත ගමනක ආරම්භයක් වුණා. Karan Johar විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ Anupam Kher, Rani Mukerji සහ Archana Puran Singh ද අමතක නොවන චරිත නිරූපනයන් කළා.

ඇය චිත්‍රපටයේ සංගීතයට ද ප්‍රශංසා කළ අතර, “අදටත් දෝංකාර දෙන අපූරු සංගීතය.Kuch Kuch Hota Hai යනු සැමවිටම ආදරයේ මහන්සියයි.

ඉරිදා, මුම්බායි හි සිනමා ශාලාවක දී දිනය සැමරීම සඳහා තෝරාගත් ප්‍රේක්ෂකයින් වෙත චිත්‍රපටය ප්‍රදර්ශනය කර තිබීම ද විශේෂයි. ප්‍රදර්ශනයෙන් පසු, කරන් ජොහාර්, ෂාරුක් ඛාන් සහ රාණි මුකර්ජි ශාලාව තුළ සිටි ප්‍රේක්ෂකයින් පුදුමයට,පත් කරමින් ඔවුන් අතරට පැමිණ චිත්‍රපටයේ මතක බෙදා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.