විකී කෞෂාල් ඉන්දීය යුධ හමුදාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස විශිෂ්ඨ භූමිකාවක නිරත වන ‘Sam Bandur’

0

ඉන්දියාවේ විශිෂ්ටතම නළුවෙකු වන විකී කෞෂාල් (Vickey Kaushal) 1971 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී ඉන්දීය හමුදාවේ හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ ‘සෑම් මැනේක්ෂෝ’ ලෙස රඟපාන ‘Sam Bhadur’ චරිතාපදාන චිත්‍රපටයෙන් නැවතත් බොලිවුඩයේ පෙරළියකට සූදානම් වී සිටිනවා.

චිත්‍රපටයේ ට්‍රේලරය මේ වන විට නිකුත් කර අවසන්. ඔහුගේ චරිතයට සැමවිටම පරිපූර්ණත්වය ලබා දෙන කෞෂාල්, සෑම් මැනේක්ෂෝගේ චරිතයට සීයට දෙසීයක සාධාරණීකරණයක් ඉටු කර ඇති බව කීමට එම ට්‍රේලරය ප්‍රමාණවත්.

ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කළ පළමු ඉන්දීය හමුදා නිලධාරියා සෑම් මැනේක්ෂෝ ය. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ඉන්දියාවේ හොඳම අධ්‍යක්ෂකවරියක් වන “මේඝ්නා ගුල්සාර්’ විසින්. “Raazi’ සහ ‘Talvar’ වැනිි ඉහළ
පිළිගැනීමක් ලැබුණු චිත්‍රපට ඇය විසින් අධ්‍යක්ෂණය කළා.

මෙම චිත්‍රපටයේ Fatima Sana Shaikh, Sanya Malhotra, Neeraj Kabi සහ Zeeshan Ayyub ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා.

විකී කෞෂාල්ගේ අවසන් චිත්‍රපට දෙක සාර්ථකත්වයට හා අසාර්ථකත්වයට යන අන්තයන් දෙකටම මුහුණ දීම නිසා මෙම චිත්‍රපටය ඔහුට ඉතාම වැදගත් වනු ඇතැයි විශ්ලේෂකයන් පවසනවා. ‘Zara Hatke Zara Bachke’ එහි chartbuster ගීත සමඟ ඉතා ජනප්‍රිය වූ නමුත් ‘The Great Indian Family’ Box Office අසාර්ථක වුණා. විකී කෞෂාල් බොහෝ දුරට සාර්ථක වී ඇත්තේ දේශ ප්‍රේමී චිත්‍රපට හරහායි. සෑම් බහදූර් එම ගණයට අයත් වන නිසා මෙය ඔහුට විශාල බලාපොරොත්තුවක් වී තිබෙනවා. ‘Raazi’, ‘,Uri’ සහ ‘Sardar Udam’ මේ සියල්ල ලොව පුරා ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ ඔහුගේ චිත්‍රපට ලෙස සැලකෙනවා.

“Aap Raajneeti samhaliye jiski aapko training mili hai” ට්‍රේලරයේ ඔහු දෙබස් භාවිත කරන ආකාරය මේ වන විටත් සියලු දෙනාගේ හදවත් පැහැර ගෙන අවසානයි. චිත්‍රපටිය 2023 දෙසැම්බර් 1 වෙනිදා සිට සිනමා ශාලාවල තිරගත වීමට නියමිත බවයි පැවසෙන්නේ.