විවාහ යෝජනාවක් අරන් ෂාරුක්-ගෞරී ජනප්‍රියම නිළියකගේ ගෙදරටම ගියත් සල්මන්ගෙන් විවාහය ගිලිහිනු හැටි

0

සල්මන් ඛාන් සහ ෂාරුක් ඛාන් අතර තියෙන්නේ දශක ගණනාවක් ඉපැරණි මිත්‍රත්වයක් බව කවුරුත් දන්නවා. බොලිවුඩයේ මෙගා තරු දෙක සමීපව ආශ්‍රය කරන්නේ ඔවුන් චිත්‍රපට ක්ෂේත්‍රයට ආව මුල් කාලේ ඉඳන්. ඒත් ෂාරුක්, ගෞරි ඛාන් සමඟ විවාහ වී දරුවන් තිදෙනෙකු සමඟ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කළත් සල්මන්ට සදාකාලිවකම තනිකඩ පෙම්වතා විදියට ජීවත් වෙන්න සිද්ධ වුණා. සල්මාන් ඛාන් තරම් විවාහය ගැන කටකතා මැවූ නළුවෙක් බොලිවුඩයට තවත් නැති තරම්.

මුල් කාලේ දී ශාරුක් සහ ගෞරී සල්මන්ට විවාහ කටයුත්තක් කරලා දෙන්න සෑහෙන්න උත්සහ කළා කියලා බොලිවුඩයේ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. ඒ එවකට ඔහුගේ පෙම්වතියක් වුණු ජනප්‍රිය නිළියක්. සල්මන් වෙනුවෙන් මේ දෙන්නා ඇගේ නිවසට විවාහ යෝජනාවක් පවා අරන් ගිහින් තියෙනවා.

සල්මන් ඛාන්ගේ ‘Dus Ka Dum’ වැඩසටහනේ පැරණි වීඩියෝවකින් ෂාරුක් ඛාන් ආදරණීය මිතුරාගේ යෝජනාව ඇගේ දෙමව්පියන් වෙත අරගෙන ගිය ඒ අතීතය සිහිපත් කරලා තිබුණා.

අවාසනාවකට, උත්සහය අපේක්ෂිත ප්‍රතිඵල ලබා දුන්නේ නැහැ. ශාරුක් ඛාන් කියන්නේ ඊට මිතුරාගේ හැසිරීමේ හොඳකම බලපාන්න ඇති කියලා.

ඒ මොහොතේ වැඩසටහෙනේ ළඟ හිටිය රාණි මුඛර්ජි පුළුවන්නම් ඇගේ නම එළි කරන්න කියලා කිව්වත් ෂාරුක් යාලුවව එතනින් එහාට පාවා දෙන්න යන්නේ නැහැ.

ඒත් සල්මාන්ගේ දිගු පෙම්වතියන් ලැයිස්තුව දිහා බලලා ඒ කවුද කියලා හිතාගන්න එක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

ඒ කාලයේ මාධ්‍ය නම් කිව්වේ ෂාරුක් හා ගෞරි සල්මාන්ගේ විවාහ යෝජනාව එක්ක ආශ්චර්යා රායි ගේ දෙමව්පියන් මුණගැහුණා කියලා. ඒ වගේම ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවත් මාධ්‍ය කිව්වා. සමහරු කිව්ව ඒ ජුහි චවුලා වෙන්නත් පුළුවන් කියලා.

ඒත් පස්සේ කාලෙක ඒ වෙන කවුරුත් නෙවෙයි ආශ්චර්යා රායි කියලා මාධ්‍ය තහවුරු කළා.

SRK once tried to get Salman to marry someone
byu/rn3122 inBollyBlindsNGossip

When Salman Khan wanted to get married to Juhi Chawla
byu/madamfatigue inBollyBlindsNGossip