අනියම් සබඳතාවක් හේතුවෙන් කථානායකවරයා සහ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි..

0

සිංගප්පූරු පාර්ලිමේන්තු කථානායක Tan Chuan Jin සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී Cheng Li Hui අනියම් සම්බන්ධතාවයක නිරත වීමෙන් පසු ඉල්ලා අස්වී තිබේ.

පාර්ලිමේන්තු කථානායකගේ සහ මන්ත‍්‍රීවරියගේ ඉල්ලා අස් වීම පීපල්ස් ඇක්ෂන් පක්ෂය (PAP) උසස් ප‍්‍රමිතීන් සහ පුද්ගලික හැසිරීම් පවත්වා ගැනීම සදහා ඉල්ලා අස්වීම් පිළිගත් බව අගමැති Lee Hsien Loong පවසයි.

මොවුන් දෙදෙනා අනියම් සබදතාවයක සිටින බවත්, එය නතර කරන ලෙස පෙබරවාරි මාසයේ කියා සිටියත්, ඉතා මෑතකදී ද සම්බන්ධය පැවතුන බවට දැඩි ලෙස සනාථ කරන තොරතුරු තමාට හමු වූ බවද අගමැති Lee Hsien Loong පැවසීය.

කෙසේ වෙතත් විවාහක දරුවන් දෙදෙනෙකු සිටින කථානායක, අගමැති වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ තම පවුල කෙරෙහි අවධානය යොමු කිරීම සදහා දේශපාලනයෙන් ඉවත් වන බවයි.