ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව හරහා යුරෝපෙට යවන මහා ජාවාරමක් හෙළි වේ

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාවේ දරුවන් ලෙස අනන්‍යතාවය වෙනස් කර යුරෝපයට අලෙවි කිරීමේ ජාවාරමකට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සැපයූ තැනැත්තෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු වන මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු රටින් පිට කර මිනිස් ජාවාරම් කිරීමේ අවස්ථාවන් පිළිබඳ චෝදනාවට ලක් වී සිටීම නිසා, මොහු පිළිබඳ විශේෂ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකය වෙත නියෝග කර තිබුණා.

ඒ අනුව ඔහු පිළිබඳව මැලේසියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද දැනුවත් කළ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් ඔහු ලුහුබඳිමින්, ඔහු සමීපව නිරීක්ෂණය කරමින් සිටි බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව පසුගිය 25 වැනිදා 14 හැවිරිදි පිරිමි දරුවකු සිය පියා සමග මොහු විසින් මැලේසියාව වෙත රැගෙන යමින් සිටියදී ක්වාලාලම්පූර් නුවර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මොහු ඉකුත් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අප්‍රියෙල් මාසය දක්වා ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනෙකු මෙසේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර ඔවුන් සියලුම දෙනා ද්‍රවිඩ ජාතික ළමුන් වීම විශේෂත්වයකි.

ඔවුන් අතරින් ළමුන් 13 දෙනෙකුගේ තොරතුරු ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. එම ළමුන් අතරින් 08 දෙනෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි 05 දෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව වාර්තා වෙනවා.

මෙම දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ලබා ගෙන, ඔවුන් සමග මුලින්ම මැලේසියාව බලා පිටත්ව යෑම සිදු කෙරෙනවා. ඉන් අනතුරුව ඔවුන් මැලේසියානු දරුවන් ලෙස අවශ්‍ය ලියකියවිලි සකස් කර ප්‍රංශය සහ එංගලන්තය වෙත මිනිස් ජාවාරමේ නිරත කරවීම සිදු කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!