ඉදිරි දින දෙක තුළ ඉරානයෙන් ඊශ්‍රායලයට දරුණු පළගැනීමේ ප්‍රහාරයක්

0

ඉරානය ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ ඊශ්‍රායලයට ඍජු ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට වාර්තා පළ වෙනවා.

The Wall Street Journal හි පළ වූ වාර්තාවක් පෙන්වා දෙන්නේ ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ මෙම ප්‍රහාරය සිදු විය හැකි බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති බව ඉරාන පාලන තන්ත්‍රයට සම්බන්ධ මූලාශ්‍රයකින් අවධාරණය කර ඇති බව එම වාර්තාවෙන් තහවුරු කර තිබෙනවා

ඉරානයේ අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙකු පැවසුවේ “ප්‍රහාර සැලසුම් උත්තරීතර නායකයා ඉදිරියේ වන අතර ඔහු තවමත් දේශපාලන අවදානම කිරා බලමින් සිටින බවයි.

පළිගැනීමේ ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායලය මේ වනවිට සීරුවෙන් සිටින බවත් ඉරාන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම ප්‍රහාරය සැලසුම් කළේ ඩමස්කස් හි ඉරාන තානාපති කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස බවයි ඉරානය පවසා ඇත්තේ.