ජනාධිපතිවරණයට එන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයක්ගෙන් මෛත්‍රී ලක්ෂ 100 ක් ඉල්ලයි

0

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලක්ෂ 100 ක මුදලක් ඉල්ලා ඇති අතර එම ව්‍යාපාරිකයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.

තමා ඒ බව විමසූවිට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා එය පිළිගත් බවත් ඔහු පවසනවා.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ නඩුවලට මුදල් සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්දේසියේ දමා ඇති බවයි අමරවීර මහතා සඳහන් කළේ.

එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස අනීතික අයුරින් පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.