පක්ෂයේ අලුත් පත්වීම් අනීතිකයි

0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ (08 දා) පැවැත්වූ දේශපාලන මණ්ඩල රැස්වීම නීත්‍යානුකූල නොවන අතර එය පක්ෂ ව්‍යවස්ථාවටද පටහැනි බව ශ්‍රීලනිප හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා තිබෙනවා.

මෙම අනීතික දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පක්ෂ ව්‍යවස්ථාවේ දැඩි උත්තරීතරභාවයට ද හානියක් සිදුව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙම රැස්වීම සඳහා පක්ෂ ලේකම්වරයා සහභාගි නොවීම මෙන්ම, පක්ෂ සභාපතිගේ සේවය ද අධිකරණය මගින් අත්හිටුවා ඇති බැවින් මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන රැස්වීමක් නොවන බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.