විධායක රනිල් වැඩ පටන්ගනී.. තෙල් වර්ජකයන් අනිවාර්ය නිවාඩු යවයි !

0

ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා වන ලෙස සහ ඉන්ධන බෙදාහැරීමේ රාජකාරී කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයින්ට බලපෑම් කරමින් කටයුතු කළ වෘත්තිය සමිති නියෝජිතයින් සහ ඊට සහය ලබාදුන් සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තීරණය කර ඇත.

අදාළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින්ට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන් සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කළාප වන බවද එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.