කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්නගේ “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” චිත්‍රපටයේ ඩිජිටල් පෝස්ටරය නිකුත් වේ

0

“කූඹියෝ” ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් මෙරට ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මඟකට යොමු කළ ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ වෙනස් තේමාවකින් නිකුත් කරන ඩිජිටල් පෝස්ටරය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

“වාලම්පුරි හෙවත් හීනහතහමාරක්” චිත්‍රපටයට අංජන ප්‍රේමරත්න,අශාන් මෙන්ඩිස්,දිල්හානි අශෝකමලා,වසන්ත මොරගොඩ, සරත් කොතලාවල,තුමිදු දොඩම්තැන්න හා ධර්ශන් ධර්මරාජ් ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී සිටිනවා.

නවතම හැඩයකින් වෙනස් ආකෘතියකින් ඉදිරිපත් කරන චිත්‍රපටයේ ඩිජිටල් පෝස්ටරය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න මෙම සටහන යොදා තිබුණා.

“ඉතිං ඔන්න ඔබ කවුරුත් පුල පුලා බලාසිටියේ නැති 😬🤣අපේ ෆිල්ම් එකේ මුල්ම පෝස්ටර් එක අපි මෙහෙම රිලීස් කරනවා ඔයාලට…..

මගේ නිශ්පාදවරුන් දෙදෙනා වන ඔබ හඳුනන Asanka Dodantenne අපේ ලොකුඅයියා වගේම ඔබ මෙතෙක් නොහඳුනන Pradeep Perera සහෝදරයගේ දායකත්වයෙන් තමයි අපේ “වාලම්පුරි හෙවත් හීන හතහමාරක්” චිත්‍රපටිය ඔබ වෙතට එන්නේ….

ත්‍රෑෂය, කුතාලය, බීතිය පිරි අපේ චිත්‍රපටිය බලන්න ලෑස්තිවෙන්න ඉතිං…….”

පෝස්ටර නිර්මාණය Pradeep Premalal
සජිවීකරණය – Mohamed Nazafi Ugail
සංගීතය – Chinthaka Lakmal Jayakody
අකුරු සැකසුම – Damith Welikala