ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ බරපතල තීන්දුවක් ගැනීමට ICC නියෝජිතයෙක් ලංකාවට

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ජ්‍යාත්‍යන්තර වශයෙන් තහනම් වීමේ අවදානමක් මතුව ඇතැයි පළවන වාර්තා මධ්‍යයේ ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ (ICC) ඉහළ නියෝජිතයෙක් මෙරටට පැමිණීමට නියමිත බව වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය සමීප නිරීක්ෂණයක සිටින අතර එම නියෝජිතයා මෙරටට පැමිණ ඒ සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරනු ඇති බව පැවසේ.

දැනටමත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය දුරකතන මාර්ගයෙන් විස්තර විමසා ඇති අතර ලෝක කුසලාන තරඟාවලිය අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය නිරීක්ෂණය කර බරපතල තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ද පැවසෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු නොකරන ලෙස මීට පෙරද අවස්ථා කිහිපයකදීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී ඇත.