කළුතරම හඬවා යන්න ගිය තෙවරප්පෙරුම

දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අවසානාවන්ත ලෙස ජීවිතයට සමු දුන්නා.

විදුලි සැර වැදීමක් හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඒ මහතා ඉකුත් යහපාලන රජයේ අභ්‍යන්තර කටයුතු,bවයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.bඉන් පසු 2018 වසරේ දී එම රජයේම වනජීවී නියෝජ්‍ය අමත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු විටින් විට කැපී පෙනෙන සිදුවීම් හරහා කතා බහට ලක් වූ දේශපාලනඥයෙකු වුණා.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඒ සඳහා වරම් නොලැබුණු ඒ මහතා මෑතක දී ඔහුගේ සොහොන් ගැබ ජීවත්ව සිටින කාලයේ දීම තනාගැනීම සම්බන්ධයෙන් ද කතා බහට ලක් වුණා.

දුප්පතාගෙ දුක හඳුනන හිත හොඳ දේශපාලනඥයෙකු ලෙස බිම් මට්ටමේ ජනතාව සමඟ වැඩ කළ ඔහුගේ මරණය සැලවීමත් සමඟ බොහෝ පිරිසක් කළුතර ශික්ෂණ රෝහලට ඇදී එමින් ශෝකය ප්‍රකාශ කරන අයුරු දැකගන්නට ලැබුණා.

කෙසේවෙතත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය මෙතෙක් දැනුම් දී නැහැ.

Latest News

More like this

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...