යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ වලින් පෝර්ට් සිටියට ඇතුළු වීම තහනම්..

0

කොළඹ වරාය නගරයේ අලූ‍තින් ඉදිකරන ලද කෘතීම වෙරළ තීරය නරඹන්නන් සඳහා පසුගියදා විවෘත කෙරිණි. දහස් ගණන් මිනිසුන් එහි ගොස් එහි ඇති සම්පත් සතුටින් භුක්ති විදින ලදී.

ස්වාභාවික මුහුද සහ එහි රළ අර්ධ වශයෙන් පාලනය කිරීමෙන් නිර්මාණය කරන ලද වෙරළ සහ එහි ක‍්‍රීඩා භූමි සහ අවන්හල් නැරඹීමට මිනිසුන් පෙළ ගැසී සිටිති.

නමුත්, වෙරළ විවෘත කළ පළමු දිනයේ යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ වලට ද මෙහි ඇතුළු වීමට අවසර ලබා දී ඇත. ඉහත කී වෙරළට ළඟා වීමට කිලෝමීටර 5 ක් ගමන් කළ යුතුය.

කෙසේ වෙතත්, ත‍්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් එම ස්ථානයට හානි කර ඇති බැවින් ඔවුන්ට මින් ඉදිරියට ත‍්‍රිරෝද රථ, බයිසිකල් හෝ පයින් යාමට අවසර ලබා නොදෙන බවයි ආරක්ෂක නිලධාරියා කියා සිටියේ.