රනිල් පොහොට්ටුව අත හරි.. ටිරාන්ගේ ජංගම දුරකථනයෙන් ජනාධිපතිවරණයට

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයෙන් (United People’s Party – UPP) බව වාර්තාවේ.

නිමල් ලංසා කණ්ඩායම සහ ප‍්‍රසන්න රණතුංග ඇතුළු පොහොට්ටුවේ බහුතරයක් ප‍‍්‍රකාශ කොට ඇත්තේ රාජපක්ෂවරුන්ගෙන් තොරව සන්ධානයක් ගොඩනැගුවහොත් රනිල් වික‍්‍රමසිංහට ජනතා සහාය ලබාගත හැකි බවයි.

එමෙන්ම සජබයෙන් ඉවත්ව රනිල් සමග ඒමට කැමති බහුතරයක් ප‍්‍රකාශ කොට ඇත්තේ ද රාජපක්ෂවරුන් යටතේ ඉදිරිපත්වීම සදාචාරාත්මක නොවන බවයි.

මේ වනවිට අරගලයේ ක‍්‍රියාකාරීන් බහුතරයක් සිටින එක්සත් මහජන පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

එක්සත් මහජන පක්ෂයේ(UPP) ජංගම දුරකථනයත්, සජබයේ දුරකථනයත් මෙන්ම ජාතික ජන බලවේගය(NPP) සහ UPP කාරණා ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දදායකයාගේ වාසියට හරවාගත හැකි බව දේශපාලන උපදේශකයන්ගේ මතයයි.

මෙම සන්ධාන ගතවීම සම්බන්ධව විශේෂ කාර්යභාරයක් මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය එකකයට සම්බන්ධ ක‍්‍රියාකාරි පිරිසක් විසින් සිදු කරන බවට ද වාර්තාවේ.

– සත්‍යජිත්