සජිත් මේ විවාදෙට එන්නෙ නෑ – ටිල්වින් සිල්වා

0

ජාතික ජන බලවේගය මේ වන විට සමගි ජන බලවේගයට ලබා දුන් විවාද දින හතරටම එකඟ නොවන්නේ නම් ඔවුන්ට හැකි දිනයක් ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් මෙම විවාදයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වීම සිදු නොවන්නක් බව ද ඔහු මාමාධ්‍යවේදීන් විමසූ ප්‍රශණ කිහිපයකට පිළිතුරු දෙමින් පවසා සිටියා.

“ඇත්තම කතාව සජිත් මහත්තයා මේ විවාදෙට එන්නෙ නෑ. ඒ වෙනුවට තමයි මේකට වෙන කතන්දර ඇදලා පටලව පටලවා ඉස්සරහට අරන් යන්නෙ. අපි කියන්නෙ අපි දින හතරක් දීලා තියෙනවා.ඒ දින හතරම බැරි නම් පුළුවන් දිනයක් කියන්න. ඒත් බැරි නම් බෑ කියන්න.

එතකොට අපි ලෑස්ති ඔය කියන ආර්ථික කමිටුව එක්ක විවාදෙකට එන්න”