කයිලි ජෙනර් දැන් ප්ලාස්ටික් සැත්කම් ප්‍රවර්ධනය කරන්නෙ නැහැ – කයිලි වගේ ඇඟේ කෑල්ලෙන් කෑල්ල වෙනස් කරනව කිව්ව පියුමි හංසමාලි නොදන්න කතාවක්

0

ඇමරිකානු මාධ්‍ය ප්‍රතිරූපයක්, නිරූපිකාවක් රංගන ශිල්පිනියක් සහ ව්‍යවසායිකාවක් ලෙස මතු වූ කයිලි ජෙනර් (Kylie Jenner) යනු Kardarshian/Jenner පවුලේ සොයුරියක්. ලොව ප්‍රකට නිරූපන ශිල්පිනියක් වන Kim Kadarshian ගේ සොයුරිය වන ඇය මුල්ම වරට කැමරාවට හසු වුණේ රියැලිටි රූපවාහිනී කතාමාලාවක් වන 2007 සිට 2021 දක්වා විකාශනය වූ Keeping up with the Kardashians සහ පසුව Hulu රියැලිටි රූපවාහිනී කතා මාලාවක් වන “The Kardashians” ඔස්සේයි. රූපලාවන්‍ය සමාගමක් වන Kylie Cosmetics හි නිර්මාතෘ සහ හිමිකාරිය ඇයයි.

ෆෝබ්ස් සඟරාවට අනුව ඉන්ස්ටග්‍රෑම් හි වැඩිපුරම අනුගාමිකයන් සිටින ලොව පස්වන පුද්ගලයා ඇය වන අතර ඇගේ අනුගාමිකයන් සංඛ්‍යාව මිලියන හාරසීය ඉක්මවා ගොසින්.

Kylie ඉන්ස්ටග්‍රෑම් හි මිලියන සිය ගණනක් වන අනුගාමිකයින්ට තම රූපය නිතිපතා ප්‍රකාශ කිරීම සඳහා ප්‍රසිද්ධියට පත් වූ අතර ඇය අවයවයෙන් අවයවයට ප්ලාස්ටික් සැත්කම්වලට ලක් වු බවයි පැවසුණේ.

මුලින් එම කතා ප්‍රතික්ෂේප කළත් පසුව”The Kardashians” හි දී ඇය එය පිළිගත්තා.

ඇය එහිදී පැවසුවේ 2018 දී ඔවුන්ගේ පළමු දරුවා පිළිගැනීමට පෙර “ඇගේ පියයුරු සාදා ගත්” බවයි. ඇය තොල් තරබාරු කර පෙන්වීම සඳහා ෆිලර් භාවිතා කරන්නට පටන් ගත් විට “Kylie Jenner Lip Challenge” භයානක රැල්ලක් බවට පත් වූ අතර එහිදී ඇතැම් ඇමරිකානුවන් ගෘහාශ්‍රිත ද්‍රව්‍ය යොදාගනිමින් ඔවුන්ගේ තොල් ලොකු කර පෙන්වීම සඳහා ඒවා භාවිත කළ බව වාර්තා වුණා. 2015 Cosmopolitan සමඟ සම්මුඛ සාකච්ඡාවකදී Jenner සැත්කම් කටකතා ප්‍රතික්ෂේප කළා.

“ඔයාලා මට අවුරුදු 9 ඉඳන් මම හැදෙන හැටි බලාගෙන ඉන්න ඇති. මගේ මූණ වෙනස් වුණා. දැන්, මම මගේ මේකප්, සෑම දෙයක්ම කරන්නේ කොහොමද කියලා දන්නවා. මම සැත්කමට විරුද්ධ නැහැ. මම කවදාවත් එපා කියන්නේ නැහැ, නමුත් මම දැන් ඒකට කැමති නැහැ. එය සෑම විටම අනාරක්ෂිතයි” යැයි ඇය පැවසුවා.

වසර තුනකට පසු, රසිකයෙක් 2018 Instagram සටහනකින් ජෙනර්ගේ තොල් හදිසියේම කුඩා වී ඇති බව පැවසූ විට, රියැලිටි තරුව පිළිතුරු දුන්නේ ඇය “සියලු ඇගේ පිරවුම්වලින් මිදුණු බවයි.”

දැන් ඇයට Stormi සහ පුත් Aire සිටින බැවින්, රූපලාවණ්‍ය සැත්කම් සම්බන්ධයෙන් ඇයට වෙනස් ඉදිරි දර්ශනයක් ඇති බවයි ජෙනර් පවසන්නේ.

“පැහැදිලිවම මටත් දුවෙක් ඉන්නවා. මම ප්ලාස්ටික් සැත්කමක් ලබා ගනිද්දී මට 19යි. ඇයට වයස අවුරුදු 19 දී එය කිරීමට අවශ්‍ය වුණොත් මගේ හදවත බිඳී යනු ඇත. “ඇය මෙතෙක් මා දුටු ලස්සනම දෙයයි. මට අවශ්‍ය හොඳම මව සහ ඇයට හොඳම ආදර්ශය වීමටයි. මට ඇය වී ඒ සියල්ල වෙනස් ආකාරයකින් කළ හැකි නම් මම කැමතියි, ඒ මම කිසිම දෙයකට අත නොතබන නිසා.”

ප්ලාස්ටික් සැත්කම් සහ කෘතිම පිරවුම් ගැන ලෝකයේ ලාබාලතම බිලියනපතිනිය බවට පත් වූ Kylie දැන් දරන්නේ ඒ වගේ මතයක්.

මෑතක ලංකාවේ ජනප්‍රියම ඉන්ස්ටග්‍රෑම් තරුව විදියට සම්මාන ගත්තු පියුමි හංසමාලි කියන්නේ ඇය සම්පූර්ණයෙන් Kylie අනුගමනය කරන බවයි. කයිලි වගේ දවසක මුළු ඇඟම හදාගන්නව කියලා පියුමි සමාජ මාධ්‍යවලට සටහනකුත් එක් කර තිබුණා. හැබැයි මේ වෙද්දි Kylie ඒවා ප්‍රවර්ධනය නොකරන බව පියුමි කොතනකවත් සඳහන් කරල නැහැ.

මේ පියුමි ඇගේ ෆේස්බුක් ගිණුමට ඒ පිළිබඳ යොදා තිබුණු සටහනයි.

මෙ ඉන්නෙ https://instagram.com/kyliejenner?igshid=MzRlODBiNWFlZA== kyle jenner මම එයාව තමයි follow කරන්නෙ මම එයා කරන කරන දෙ කරනවා. මම එච්චරටම ආසායි ඇයට. ඇය මුලු ඇගම හදලා තියෙන්නෙ. කොමත් එ රටවල් වල ගොඩාක් අය ඇග හදනවා මුන හදනවා එවා සාමාන්‍ය දෙවල්. අපෙ අයට මැජික් එ දෙවල්😂🖕 අපෙ අයට සල්ලි තිබ්බා නම් නොහදා ඉදියි ද? මොකද මුලු body එකම හදන්න ලක්ෂ එකසිය පනහකට වැඩිය යනවා. සල්ලි මම එ දෙවල් ගොඩාක් search කරන කෙනෙක්. මොකද මම ලස්සන වෙන දෙවල් ගැන ඉගෙන ගන්නවා කොමත් මම ආසායි. දවසක කයිලි වගෙ කොටිපතිනියක් වෙලා හැමොටම උදව් උපකාර කරන්න තමයි මම ගොඩාක් ආසා. එහෙම නැතුව සල්ලි banks වල දාගෙන පුරවන් තන්හාවෙන් ඉන්න මම කැමති නැ. මම එහෙම සල්ලි වලට ගොඩාක් පෙරෙත නැ. දන්නවද මම දාන bags වලට පාවා අපහම කමෙන්ට් හරියට ගැහැනු අය දානවා. එකට හෙතුව එයාලාට නැති කම. සහා ගන්න වත් කමක් නැති කම. දන්නවද ඉස්සර මටත් නැ. එත් මම තියන අයටබැනලා දැම්මෙ නැ. එවා බලන් ආසා කරා අද මට දෙවියො. මම ආසා කරපු සැම දෙම මට දිලා තියනවා. පුංචි දෙයක් කියන්නම් මට ඉන්නවා මුස්ලිම් යාලුවෙක් fazna කියලා අවුරුදු 15 ක ඉදලා යාලුවා ගොඩාක් සල්ලි තියන පවුලක lady කෙනෙක්. එයාගෙන් තමයි මම ඉස්සර ඉදලම මෙ brads ගැන දැනගත්තෙ. ඇය තමයි මගෙ instagram එක මට හදලා දුන්න යාලුවා .මොකද ඇය පරම්පාරාවෙන්ම සල්ලි තියන lady දන්නවද මම branded අරං instagram එකෙ story’s දාපු ගමන්. මුලින්ම ඇය තමයි මට. සුබ පතන්නෙ. වැඩිය සිංහල බැ. දන්න විදිහට සිංහලෙන් කියනවා. අනෙ හරිම සතුටුයි ඔයාට අද මටවගෙම ඔක්කම කියනවා කියලා. දැක්කද සැම දෙම තියන ගැහැනිය කවදාවත් ඉරිසියා කරන්නෙ නැ. කිසිම දෙයක් නැති ගැහැනිය උ⁣දෙ නැගිට්ට වෙලෙ ඉදලම මගෙ story’s බලන් මට බැන බැන කමෙන්ට කරනවා. හැබැයි හැම ගැහැනියක්ම නෙවෙයි. කිසිම දෙයක් නැති කාන්තාවන් ගොඩාක් මට කමෙන්ට් කරනවා අනෙ අක්කි අපිට නැතත් අපිට කවදාවත් ගන්න බැරි උනා ⁣දෙවල් ඔයා අරං තියනකොට දුප්පත් අපි සතුටු වෙනවා අපිට ඉලග ආත්මෙ හරි ගන්න ලැබෙයි නෙ කියලා😍🥺 අන්න ⁣එහෙම සතුටු වෙන්නකො ඉරිසියාවෙල් පුපුරා පුපුරා ඉන්නෙ නැතුව අපි අද ඉදලා හෙට නැති වෙලා යයි. මෙ පුංචි කාලෙක ආපු චාරිකාවක්