හිටපු ජනාධිපතිවරු හතරකට සදහටම විශ්‍රාම ගන්නා ලෙසට ඉල්ලීමක්

0

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඈත් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලහප්පෙරුම මහතා පවසනවා.

මේ වන විටත් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටින හිටපු ජනාධිපතිවරුන් 04 දෙනාම හිස නැමිය යුත්තේ තමන්ගේ යහපත සහ ජනතාව වෙනුවෙන් බවයි ඔහු පවසන්නේ.

“දේශපාලනයෙන් ඈත්වීම තමන්ගේ සෞඛ්‍යයට සහ ජනතාවගේ යහපතට හිතකරයි. ඔවුන් වෙනුවෙන් වැය කරන මහජන මුදල් කිසිම දේශපාලන කටයුත්තකට යෙදවිය යුතු නැහැ.” මන්ත්‍රීවරයා පැවසුවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝන් ක්වින්සි ඇඩම්ස් එක්සත් ජනපද කොන්ග්‍රසයට එක් වරක් තරඟ කළා. ඔහු තනතුරෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව දේශපාලනයේ රැඳී සිටි එකම විදේශීය රාජ්‍ය නායකයා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.