ඥානසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

0

ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි මහතා අද(28) නියම කළේය.

ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පැවැත්වුණි.