සිංහල ඡන්ද පක්ෂ ගණනාවකට කැඩෙනවා.. සුළු ජාතික ඡන්දයෙන් සජිත් ජනපති වෙනවා..

0

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පැවසිය.

පලනි දිගම්බරම් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ප්‍රදේශයේදි මාධ්‍යට අදහස් දක්වමිණි.

මාධ්‍යට අදහස් දක්වමින් පලනි දිගම්බරම් මහතා කියා සිටියේ,

ආර්ථික අර්බුධය නිසා ජනතාව දැඩි අපහසුවෙන් ජිවත් වෙන්නේ, වැට් බද්දත් 3% කින් වැඩි කරලා,

රාජ්‍ය සේවකයින්ට රු දස දහසක දිමනාවක් දුන්නට කිරිපිටි පැකට් එකේ ඉදලා සියළු දේම මිල වැඩි ,

ජනාධිපතිවරයා කියනවා ලබන අවුරුද්දේ ඔක්තොම්බර් මස මැතිවරණයක් තියෙනවා කියලා , ඒක ජනතාවත් බලාපොරොත්තුවෙන් ඉන්නවා,

ජනාධිපතිවරණයත් පැවැත්වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා මොකද ඔහු සමග සුළු පක්ෂ සියල්ලම ඉන්නවා,

පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කලා කියලා ඔහුට ජයගග්‍රහණය කරන්න බැ , පොහොට්ටුවනේ රට මේ වගේ ආර්ථික වශයෙන් වැට්ටුවේ, ඒ අයටත් විශාල ජන්ද ප්‍රමාණයක් ලබා ගන්න බැ ,

කවුරු මොනවා කිව්වත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කරනවා , ඔහු ජයග්‍රහණය කරනවා ,

මේ පාර ජන්දය පක්ෂ ගණනාවකට කැඩිලා යනවා , ගියා පාර වගේ ජාති වාදය අවුස්සලා තනි පක්ෂයකට ජන්දය ලබා ගන්න බැ , සිංහල ජන්ද පක්ෂ තුනකට කැඩිලා යනවා , එතකොට සුළු පක්ෂ වල ජන්දයෙන් තමයි ජනාධිපතිවරයා පත් වෙන්නේ , සුළු පක්ෂ සියල්ල ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග,

වතු කම්කරුවන්ට 1700/= දෛනික වැටුපක් ලබාදෙන්න කියලා ජනාධිපතිවරයා වතු සමාගම් වලට කිව්වා කියලා වතුකරයේ ඇතැම් දේශපාලඥයින් කියනවා , වතු සමාගම්වලට එහෙම දෙයක් ජනාධිපතිවරයා කිව්වේ නැ කියලා ඔවුන් කියනවා,

මම කියන්නේ වතුකරයේ ජනතාව ගොඩක් දුක් විදින පිරිසක් , ඒ නිසා මේ වතු වතු කම්කරුවන්ට බෙදා දෙන්න ඕනි, එතකොට තමයි ඒ අයගේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් යනුවෙන් පැවසිය.

– රංජිත් රාජපක්ෂ